තෙවන එක්දින තරඟයේ ජය පාකිස්තානයටයි

Share

කාසිය වාසිය හිමි කර ගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා  දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 208ක් පමණි.

අර්ධ ශතකය වාර්තා කළ උපුල් තරංග පන්දු 79කදී හතරේ පහර 5ක් සමග ලකුණු 61ක් ලබා සිටියදී දැවී යාමට සිදු විය.

ඒ අනුව 209ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පැමිණි පාකිස්තාන කණ්ඩායමට ක්‍රිඩකයින් තිදෙනෙක් පමණක් දැවී පන්දු වාර 42යි පන්දු 3කදී එම 209ක ඉලක්කය ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම තෙවන එක්දින තරඟය ද කඩුලු 7ක් අතැතිව ජය ගැනීමට සමත් විය.

තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ පිට පිට තරග තුනම ජය ගැනීම නිසා පාකිස්තානය තරගාවලිය 3-0ක් ලෙස පෙරමුණ ගෙන සිටී.

 

 

Read more

Local News