2020 වනවිට බෝනොවන රෝග පාලනය කිරිම සදහා පියවර රැසක් – අමාත්‍ය රාජිත සේනාරත්න

Share

ලෝක සෞඛ්‍ය සමුළුව ජර්මනියේ බර්ලින් නුවර දී පසුගිය 15 දින සිට 17 දින දක්වා පැවැත්විණි.
මෙම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුලු නියෝජිත පිරිසක් එක්ව සිටියහ. මෙහිදී බෝනොවන රෝග පාලනය කිරීම පිළිබද සැසිවාරයක් පැවැති අතර ඊට සෞඛ්‍ය අමාත්‍යවරයා ද එක්ව සිටියහ.

මෙම සැසිවාරයේ දී ඉදිරිපත් වූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ බෝවන රෝග අපේ රටේ මැඩපවත්වා තිබෙනවා. මැලේරියාව, බරවා වැනි රෝග මැඩපවත්වා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරු කර තිබෙනවා. වසර 2020 වනවිට බෝනොවන රෝග පාලනය කිරිම සදහා පියවර රැසක් ගෙන තිබෙනවා. අපේ රටේ රෝහල් වලට ඇතුලුවන රෝගීන්ගෙන් සියයට 60 ක් පමණ මිය යන්නේ බෝනොවන රෝග වලට ගොදුරු වීමෙන්. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සිගරට් පැකට්ටුවල රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරීම, දුම්කොල බදු සියයට 90 ක් පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුම්වැටි අලෙවිය අඩු වී තිබෙනවා. තනි සිගරට් පැකට්ටුව විකිණිම තහනම් කිරිම සහ පාසල් අවට මීටර් 500 ක් දුරින් දුම්වැටි අලෙවි කිරිම තහනම් කිරිම ඉදිරියේ දී ගනු ලබන ක්‍රියාමාර්ග වන” බවයි.

Read more

Local News