මහනුවර අංකෙලිපිටිය පානීය ජල යෝජනා ක්‍ර‍මයට මුල් ගල් තැබීමේ උත්සවය අද

Water world - Falling a drop of water

සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කදුරට උරුමය පිළිබද අමාත්‍යාංශය යටතේ ඇති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන මහනුවර අංකෙලිපිටිය පානීය ජල යෝජනා ක්‍ර‍මයට මුල් ගල් තැබීමේ උත්සවය අද (19) පෙ.ව. 9.00ට පැවැත් වේ.

රුපියල් ලක්ෂ 800ක වියදමින් ක්‍රියාත්මක කරන මෙම ජල යෝජනා ක්‍ර‍මය හේතුවෙන් ග්‍රාම නිලධාරි වසම් 08ක පවුල් 3000කට සෙත සැලසේ.

සුභසාධන හා කදුරට උරුමය පිළිබද අමාත්‍ය එස්.බී . දිසානායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට ප්‍රාදේශීය හා පළාත් දේශපාලඥයන් රැසක් ද , සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා  ඇතුළු උසස් නිලධාරින් රැසක් ද සහභාගි වේ.