පොට්ටු අම්මාන් ජිවතුන් අතර නොමැති බව හිටපු එල්. ටී. ටී.ඊ. සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හා නායක කේ.තුලසි පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (02) දින වවුනියාව දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගම් මූලස්ථානයේ පැවැත්වු මාධ්‍ය සාකච්ජාවකදීය.
තුලසි මහතා වැඩිදුරටත් පැවසූවේ එක් එක් පුද්ගලයින් ඇතැම් වාසි වෙනුවෙන් පොට්ටු අම්මාන් ජිවත්වන බවට පැවසුවද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි කිසිඳු නායකයෙකු ජිවතුන් අතර නොමැති බවයි.
එල්.ටී.ටී.ඊ. නැගෙනහිර නායකයා ලෙස සිටි කරුණා අම්මාන් පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ පොට්ටු අම්මාන් නෝර්වේ ජිවත් වන බවයි.