Home දේශීය පුවත් ජනපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි – මුජිබර්

ජනපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි – මුජිබර්

0
ජනපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි – මුජිබර්

පාර්ලිමේන්තුවේ බහුතරය සමඟ සහ ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමට ජනාධිපතිවරයා සූදානමක් නොමැති නම් ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පැවසිය.

මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අරලියගහ මන්දිරයේදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

අපේ රටේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගෙ කැමැත්ත මත අගමැතිවරයා පත් කරනු ලබන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනා සිටින්නේ නම් ජනාධිපතිවරයා විසින් සිදුකළ යුත්තේ රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමේ යුතුකම ඉටු කිරීම පමණක් බව ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here