විල්ගමුව, පේරකනත්ත ප්‍රදේශයේදී දියේ ගිලී කාන්තාවක් මියගොස් තිබේ.
පොලීසිය පැවසූවේ දිය නාමින් සිටි අදාල කාන්තාව දියේ ගිලි ගසාගෙන ගොස් ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් ඇය බේරාගෙන හෙට්ටිපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.
මියගොස් ඇත්තේ පේරකනත්ත, වනරව ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවකි.
පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) දින සිදු කිරීමට නියමිතයි.