ශ්‍රී ලංකා පොලීසිය භෝග පැල සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කරයි

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “යළි අපි නැගිටිමු – අටු කොටු පුරවමු” ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය මඟින් සංවිධානය කළ භෝග පැල සිටුවීමේ වැඩසටහන නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්  බම්බලපිටිය, පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථාන පරිශ්‍රයේදී  ආරම්භ විය.

රාජ්‍ය අංශයේ විශාල ශ්‍රම බලකායක් ඇති නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා පොලීසිය විසින් මෙම කාර්ය සදහා පුළුල් දායකත්වයක් ලබාදෙමින් ඉදිරියේදී ලංකාව පුරා විසිරී ඇති පොලිස් ස්ථානවල මෙහෙයවීමෙන් පැළ සිටුවීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පොලිස් ස්ථානවල වගාකිරීමට ඉඩ පහසුකම් ඇති භූමි බාගවල ගෙවතු වගාවන් ආරම්භ කිරීම හා ඒවා පවත්වාගෙන යාම, සියලු නිලධාරීන් විසින්ම අවම වශයෙන් ආහාරමය වටිනාකමක් සහිත එක් පැළයක් බැගිවන් වත් සිටුවීමට දිරිගැන්වීම, යහපත් ආහාර පාරිභෝජන රටා සහ ආහාර නාස්තිය අවම කිරීම පිළිබදව සේවකයින් දැනුවත් කිරීම මෙම වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වේ.

Read more

Local News