යූටියුබ් ජාලය තුළ සාම්ප්‍රදායික ඉන්දියානු ආහාර මෙන්ම, තමාටම අවේණික ක්‍රමයට ආහාර වර්ග පිසින ආකාරය කියාදෙමින් ඉමහත් ජනාදරයට පත්ව සිටි 107 හැවිරිදි මස්තනම්මා දිවියෙන් සමුගෙන තිබේ.
දකුණු ඉන්දියාවේ විසූ ඇය වෙනුවෙන් ඇගේ මුණුපුරා සහ ඔහුගේ මිත්‍රයෙකු විසින් 2016 වසරේදී බිහිකළ ‘කන්ට්‍රි ෆුඩ්’ නැමති යූටියුබ් චැනලය වෙත මිලියන ගණනක ග්‍රාහක පිරිසක් මේ වනවිටත් සිටින බව වාර්තාවෙයි.
පසුගිය දෙසැම්බර් 03 වැනි දින ඇය ජීවිතයෛන් සමුගත් බව නිල වශයෙන් දැනුම් දෙන ලද්දේද, ඇයගේ යූටියුබ් චැනලය හරහාය. ඒ සමගම බොහෝ ග්‍රාහකයන් ඇය වෙනුවෙන් සිය ශෝකය පළ කිරීමට ඉදිරිපත්ව සිටි අතර, ඔවුන් වැඩි දෙනා ඇයගෙන් ලද දැනුම සිහිපත් කරමින් ඒ ශෝක පණිවුඩ තබා තිබේ.