නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පස් දෙනෙක් අක්තපත්‍ර භාර දෙති

Share

ශ්‍රී  ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පස් දෙනෙක් අද (23) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
කැනඩාව, රුසියාව, මාලදිවයින, පකිස්ථානය සහ ඊජිප්තුව සදහා මෙලෙස නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්ව සිටිති.
ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
01- Mr. David Mckinnon -High Commissioner of Canada
02- Mr. Yuri B Materiy – Ambassador  – The Russian Federation
03- Mr. Mohamed Hussain Shareef – Ambassador – The Republic of Maldives
04- Gen (Retd) Shahid Ahmed Hashmat-High Commissioner – The Islamic Republic of Pakistan
05- Mr. Hussein EL Saharty- Ambassador – of The Arab Republic of Egypt
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ ශ්‍රී  ලංකාවට පත්ව ආ මෙම නව තානාපතිවරු ශ්‍රී  ලංකාව සහ තම රටවල් අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත්කර ගැනීමට කැපවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

Read more

Local News