බසය හෙලට ගිහින් අයෙක් නසී

Share

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 5 දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.

ඊයේ (09)රාත්‍රී 8.45ට පමණ හක්මන – කෝංගල 13 වංගුව අසලදී මෙම අනතුර සිදු වී ඇති අතර රියැදුරුට වේගය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් බස් රථය අඩි 30ක් පමණ වූ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇත.

අනතුරින් මාතර දෙයියද්දර ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර බරපතල තත්ත්වයේ පසුවූ තවත් 5 දෙනෙකු මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ වන්දනා ගමනක් ගොස් නැවත පැමිණෙමින් තිබූ බස් රථයකි.

Read more

Local News