ශ්රී ලංකාව තුළ පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීමට නායකයන් කඩිනමින් පියවර ගත යුතු බව ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති අලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.
තානාපතිවරිය මේ බව කියා සිටියේ මහනුවර ප්රදේශයේ ඊයේ(09) පැවති උත්සවයකට එක්වෙමිනි.
කෙසේ වෙතත් ශ්රී ලංකාව සහ අමෙරිකාව අතර පවතින මිත්රත්වය ඉදිරියටත් පවතින බව ඇය පෙන්වා දෙයි.
රුපියල අවප්රමාණය වි ඇති බවත්, ව්යාපාරික ක්ෂේත්රය අඩපණ වි ඇති බවද ඇය වැඩිදුරටත් පවසයි.



