ලංකාවට ලැබීමට තිබූ වටිනාම ආධාරයක් නවතී – හර්ෂ

Share

හර්ෂ ද සිල්වා මහතා සිය ටිවිටර් ගිණුමේ පණිවිඩයක් තබමින් ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ච් කෝපරේෂන් ආයතනය විසින් ශ්‍රි ලංකාවට ලබාදිමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ආධාරය තාවකාලිකව නවත්වා ඇති බව සදහන් කර තිබේ.

ඔහු පවසන්නේ මෙම අගය ශ්‍රී ලංකා ඉතිහාසයේ නැවත නොගෙවීමේ පදනම යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ වැඩිම වටිනාකමකින් යුත් ආධාරය බවයි.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදි ඇති දේශපාලන අර්බුදය එයට හේතුවක් වී ඇති බවත් ඒ මහතා වැඩ්දුරටත් සදහන් කර තිබේ.

Read more

Local News