ඉරාන සිනමා දැක්ම කොළඹදී

Share

ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය සහ ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කරන ඉරාන සිනමා දැක්මක් මේ මස 12 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්විමට කටයුතු සුදානම් කර තිබේ.

කොළඹ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ දී මෙම සිනමා දැක්ම පවත්වනු ලැබේ.

නව පරපුරේ ඉරාන සිනමාකරුවන්ගේ තෝරාගත් සම්මානනීය සිනමා නිර්මාණ කිහිපයක් මෙහිදී තිරගත වීමට නියමිතය.

ඒ අනුව දෙසැම්බර් 12 සිට 16 දක්වා තිරගත වීමට නියමිත සිනමාපට,

දෙසැම්බර් 12 – “The girl in the sneakers”

දෙසැම්බර් 13 – “M for mother”

දෙසැම්බර් 14 – “The tear of the cold”

දෙසැම්බර් 15 –  “The song of sparrows”

දෙසැම්බර් 15 – “Sandstorm”

දෙසැම්බර් 16 – “Secret Club”

දෙසැම්බර් 16 – “Super star”

සියලුම දර්ශන පස්වරු 06ට ආරම්භ වීමට නියමිත අතර, දෙසැම්බර් 15 සහ 16 දින දෙකේදී පමණක් පස්වරු 03ට සහ 06 සිනමාපට 02ක් ප්‍රදර්ශනය කිරීමට නියමිතවේ.

සියලුම සිනමාපට නොමිලයේ ප්‍රදර්ශනය කිරීමටයි සංවිධායකයන් කටයුතු සූදානම් කර තිබේ.

Read more

Local News