අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇති අතර අද (12) පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම ද වර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (11) රාත‍්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.