ගාලු කොටුවේ පැරණි උපතැපල් කාර්යාලයේ කොටසක් කඩා වැටෙයි

Share

ගාල්ල කොටුවේ පිහිටි පැරණි උපතැපල් කාර්යාල ගොඩනැගිල්ලේ කොටසක් ඊයේ (11) සවස කඩා වැටී තිබේ.

මෙම ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් මෙසේ කඩා වැටී ඇති අතර, එහි සුන්බුන්වලට යට වී ඒ අසළ නවතා තිබූ ත්‍රිරෝද රථයකට දැඩි හානි සිදුව තිබෙන බව ගාල්ල පොලීසිය පැවසීය.

ඊයේ (11) දින ප.ව 5.45 ට පමණ මෙම ගොඩනැගිල්ල කඩා වැටී තිබේ.

මෙම ගොඩනැගිල්ල තුළ තැපල් කාර්යාලයද පවත්වාගෙන ගොස් තිබේ. ගොඩනැගිල්ලේ වහලයේ කොටස කඩා වැටෙන විට තැපැල් කාර්යාලයේ කිසිවෙකුත් සිට නැති බව වාර්තාවෙයි.

නමුත් ඒ අසල නවතා තිබූ ත්‍රිරෝද රථයේ රියදුරු සිට ඇත. වහලයේ කොටස කඩා වැටෙන විට ඔහු රථයෙන් ඉවතට පැන ජීවිතය බේරා ගෙන තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. ත්‍රීරෝද රථයට දැඩි හානී සිදුව තිබේ.

තැපැල් කාර්යාලය පවත්වාගෙන යනු ලැබූ මෙම ගොඩනැගිල්ල 18 වැනි සියවසේදී ඉදිකර ඇති අතර මෙම ගොඩනැගිල්ලේ කොටසක් මේ වන විට දකුණු පළාත් ප්‍රධාන නිලධාරීවරයෙකුගේ නිල නිවසක් ලෙසද පවත්වාගෙන යන බවද ගාල්ල පොලීසිය වැඩ්දුරටත් සදහන් කර තිබේ.

Read more

Local News