Home දේශීය පුවත් ද්‍රවිඩ ජාතික සන්ධානයට අයිති නැති දෙයක් ගැන ඩලස් කියයි

ද්‍රවිඩ ජාතික සන්ධානයට අයිති නැති දෙයක් ගැන ඩලස් කියයි

0
ද්‍රවිඩ ජාතික සන්ධානයට අයිති නැති දෙයක් ගැන ඩලස් කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන යෝජනාවට ද්‍රවිඩ ජාතික සන්ධානය කටයුතු කරන්නේ නම් ඔවුන්ට විපක්ෂනායක ධූරයේ කටයුතු කිරීමේ අයිතියක් නොමැති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (12) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මන්ත්‍රිවරයා වැඩ්දුරටත් අදහස් දක්වමින් “මේ පාර්ලිමේන්තු රැස්වීම් අනීතිකයි වගේම එකින් එක විහිලු ජනකයි. ඊයේ දවස පුරාම TNA සහාය ලබා ගැනිමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා.

TNA කොන්දේසි සහිතව එයට එකඟවන බව සිද්ධාර්තන් මහතා සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයට TNA එකත් සමග ආණ්ඩුවක් හදනවානම් ඒකට අපේ ගැටලුවක් නෑ.

නමුත් අපට තිබෙන ගැටලුව තමයි මේ යෝජනාවට සහාය පළකරන විට TNA විපක්ෂනායක ධූරයේ කටයුතු කිරිම ගැටලුවක් වෙනවා.

යෝජනාවට සහාය දක්වන්නේ නම් ඔවුන් විපක්ෂනායක ධූරයේ කටයුතු කිරිමේ අයිතිය අහිමි වෙනවා. මේ දේශපාලන අර්බුදය විසඳන්න අධිකරණයට, ව්‍යවස්ථාදායකයට හෝ විධායකට බෑ. ඒක කරන්න පුළුවන් ජනතාවට පමණයි.” වන බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here