මහ කන්නයේ වගාව අවදානමට

Share

අපේක්ෂිත පරිදි වැසි නොලැබීමෙන් වියළි හා අතරමැදි කලාපවල මහ කන්නයේ වගාව අවදානමට ලක්ව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

අඛණ්ඩව කන්න තුනක් නියඟය හේතුවෙන් බලපෑම් එල්ල වූ වියළි හා අතරමැදි කලාපවල ජනතාවට මෙවර කන්නයේදී හෝ සමස්ත බිම් ප්‍රමාණය වගා කිරීමට මෙම තත්ත්වයෙන් බාධා එල්ල වී තිබේ. පවතින තත්ත්වය හේතුවෙන් ජලාශවල ධාරිතාව ද පහළ මට්ටමක පවතියි.

අන්තර් මෝසම් වාර්ෂාව ද ප්‍රමාද වී ඇති බවත් මේ අතර අන්තර් මෝසම මේ වනවිට ස්ථාපනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස් ප්‍රේමලාල් සඳහන් කළේ ය.

Read more

Local News