අපකීර්තිමත් දේශපාලන අතීතයකට හිමිකම් කියන එක්සත් ජාතික පක්ෂය පොදුජන පෙරමුණේ මන්ත්රීවරයෙකුගේ නිවසකට පහර දෙමින් පරණ සෙල්ලම් ආයෙමත් පටන්ගෙන ඇතැයි ගාල්ල දිස්ත්රික් මන්ත්රී චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ බද්දේගම සන්දරවල ප්රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමිනි.
වැඩ්දුරටත් අදහස් දක්වමින් මන්ත්රීවරයා,‘‘එක්සත් ජාතික පක්ෂය ඉතිහාසය හැමදාමත් අපකීර්තිමත්. 82 පවත්වපු ජනමත විචාරණය ලංකාවේ තිබුණු දුෂීතම මැතිවරණය කියලා ඒදා හිටපු මැතිවරණ කොමසාරිස්තුමා රටට හෙළි කරා. ඒ විදිහට බොරු ජන්ද තියලා මැතිවරණ කල්දාපු එක්සත් ජාතික පක්ෂය අදත් ඒ විදිහට මැතිවරණ එපා කියලා නඩු කියනවා. ඔබ තමුන්නාසේලා වගේ මේ රටේ අතිබහුතරයක් අද මැතිවරණයක් ඉල්ලලා සටන් කරනවා. අද රටේ තියෙන අරාජික තත්වයට විසදුම මහමැතිවරණයක් තුළින් ලබාදිය හැකි බව හැම පුරවැසියාම විශ්වාස කරනවා. ජනාධිපතිතුමා මැතිවරණයක් කැදෙව්වේ ඒ බලාපොරොත්තුවෙන්.
මේ රට බෙදන්න උදව් කරන දේශිය හා විදේශීය බලවේගයි, එන්ජී ඕ හොර නඩයයි ඔක්කොම අද එක පිලකට ඇවිල්ලා ප්රජාතන්ත්රවාදය ඉල්ලනවා. ඒත් මැතිවරණය එපා කියනවා. මේ වගේ කිසිම වගකීමක් නැති ප්රකාශ නිකුත් කරන එක්සත් ජාතික පක්ෂය ඒදා ගෝනවල සුනිල්ලා සොත්ති උපාලි ලා එක්ක පටන් ගත්ත මැර දේශපාලනය ආයෙම කරන්න පටන් අරගෙන. රජයේ වාහන වලින් ඇවිල්ලා ගෙවල් කුඩුකරන තත්වයට පත්වෙලා”යැයි පැවසීය.



