කටුවන පොලීසියට විරෝධය පළකරමින් කළහකාරී ලෙස හැසිරුණ පිරිස් පළවා හැරීම සඳහා පොලීසිය අද පෙරවරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබිය.
පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවෙක් මිය යෑමට විරෝධය දක්වමින් ජනතාව මෙසේ කළහකාරී ලෙස හැසිරි ඇති අතර ඊයේ (12) රාත්‍රියේ සිට ජනතාව පොලිස් ස්ථානය වටලා තිබු බව වාර්තාවෙයි
තවද විරෝධාතාකරුවන් පොලීසියේ දේපළවලට හානි කර ඇති අතර සිද්ධියෙන් පොලිස් නිලධාරීන් සිවු දෙනෙක් තුවාල ලබා තිබේ.



