එජාපය සන්ධානයෙන් ඉල්ලීමක් කරයි

Share

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂය,එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉල්ලීමක් කර තිබේ.

එහි නියෝජිතයින් මේ බව පැවසුවේ අද (14) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කියා සිටියේ, රටේ උත්තරීතර ලියවිල්ල ලෙස ගරු කරනු ලබන, ව්‍යවස්ථාවට ඒ ‍උත්තරීත්වය නැවත වතාවක් හිමි වු බවයි.

මෙවැනි නඩු තීන්දුවක් නොලැබී ගියා නම් හෝ ඒ තුළින් කුමන්ත්‍රණකාරි ආණ්ඩුවක් බිහි වුයේ නම්, නැවත එය ආපස්සට හැරවීමේ හැකියාවක් නොමැති බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩ්දුරටත් පැවසිය.

මේ තුළින් 19 වන සංශෝධනයේ තිබු වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගෙන ඇති බවත්, ඒ තුළින් ජනපතිගේ තීන්දුව නිශ්ප්‍රභ වු බවත් මෙය කිසිවිටෙකත් ඡන්දය කල් දමා ගැනීමක් නොවන බව ද ඔහු සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන් යැයි දුන් තීන්දුවක් නොවන බවත්, පසුගිය කාලයේ ඇතැම් අය සිදු කළ ප්‍රකාශ තුළින් අධිකරණයට අගතියක් සිදුවුවාදැයි සොයා බලන බවත්, එසේ සිදුව ඇත්නම් ඉදිරියේ දී ඒ වෙනුවෙන් ක්‍රියා කරන බවත් නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read more

Local News