අගමැති ධූරයේ තමන් නැවතත් දිවුරුම් දීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් එය තමන්ගේ ජයග්‍රහණයක් හෝ එක්සත් ජාතික පක්ෂයෙ ජයග්‍රහණයක් නොවන බවත්, එම ජයග්‍රහණය ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල මෙන්ම ජනතාවගේ ජයග්‍රහණයක් බවත් ඒ සඳහා කැපවූ සියල්ලටන්ම ස්තූතිය ප්‍රකාශ කරන බවත් සඳහන් කර තිබේ.




