ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාතේ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලය පත්කරනු අැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ් මහතා මේ බව පැවසුවේ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එසේම තමා මුලින් කටයුතු කළ නවාස හා ඉදිකිරිම් අමාත්‍යංශයේ තිබූ රුපියල් බිලියන ගණනක මුදලක් නැවත මහා භාණ්ඩාගරය විසින් ගෙන්වා ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් “අගමැතිතුමත්, ජනපතිතුමත් කථාකරලා සාකච්ඡාවෙන්, එකඟතාවෙන් නව කැබිනට් මණ්ඩලය පත්කරාවි. නිදහස් පක්ෂයෙන් එන කණ්ඩායම ගැන සාකච්ඡාවක් වුණේ නෑ. හොඳ හිත හැමදාම තිබෙනවා. කුමන දේශපාලනයක් කළත් කුමන මතිමතාන්තර දැරුවත් මනුස්සකම තිබෙනවා. එකක්වත් මනුස්සකමට යට වෙන්නේ නෑ.
වෛරයෙන් වෛරය නොසන්සිදේ, පුද්ගලකි කරුණු පසෙක ලා ලක්ෂ 220ක් වන ජනතාවගේ මූලික අයිතිවාසිකම් , ජීවිතවීමේ නිදහස, නූපන් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ජනතාව ජීවත්වන සුබ සාධනය හදන්න ඕන.
නිවාස අමාත්‍යාංශය විනාස වෙලා. නිවාස ආමාත්‍යාංශයේ තිබුණ අරමුදල් කොහේ ගෙනිහින්ද දන්නේ නෑ. මට ලැබිලා තියෙන තොරතුරු අනුව එහෙ මෙහෙ ගිහිල්ලු. මහා භාණ්ඩාගායට යවලලු. 2018 බිලියන 10.6ක් රටේ ජනතාවට ගෙවල් එදන්න වෙන් කළා. මට දැනගන්න තිබුන හැටිය අමාත්‍යංශයේ තිබුණ බිලියන ගණන්ක් ආපසු ගෙන්වගෙන තිබෙනවා.” යැයි මන්ත්‍රිවරයා වැඩ්දුරටත් පැවසීය.



