ගම්මන්පිල විධායක ජනපති වෙනුවෙන් පෙනීසිටී

Share

ලෝකයේ ජනප්‍රිය පාලන ක්‍රමය විධායක ජනපති ක්‍රමය බවත් විධායක ජනපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමිින් “ලෝකයේ ජනප්‍රියම පාලන ක්‍රමය විධායක ජනපතික්‍රමයයි. ලෝකයේ විධායක ජනපති ක්‍රමය ක්‍රියාත්මක රටවල් 95ක් තිබෙනවා. වෙස්ට් මිනිස්ටර් ක්‍රමය තිබෙන්නේ රටවල් 44කයි.

මේ වන විට ලෝකය පුරා ජනප්‍රිය ක්‍රමයක් වන්නේ විධායක ජනපති ක්‍රමයයි. එහෙනම් ලංකාවේ විධායක ජනපත්‍රක්‍රමයට අකමැති ඇයි. ඇමෙරිකාවේ විධායක ජනපතිධූරය වසර 200ක් ක්‍රියාත්මකයි.

ජනතා විමුක්ති පෙරමුණට ඇති ප්‍රධානතම ඇණය ජනපතිවරණයයි. ලංකාවේ තිබෙන්නේ විධායක ජනපතික්‍රමයේ වැරැද්දක් නෙමෙයි. එය ක්‍රියාත්මක කිරිමේයි වැරැද්ද තිබෙන්නේ. අපේ මතය විධායක ජනපතිධූරය අහෝසි නොකළ යුතු බවයි. විධායක ජනපතිධූරය සුදුසු පරිදි සංශෝධනය කළ යුතුයි.” යැයි පැවසීය.

Read more

Local News