2017 ලංකා පැක් වාර්ෂික ප්‍රදර්ශනය අද – සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන්

ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනයේ 2017 ලංකා පැක් වාර්ෂික ප්‍රදර්ශනය අද (27) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඇරඹිණි.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස්. සුබ්‍රමනියම්, ලංකා ඇසුරුම් ආයතනයේ සභාපති රොහාන් වික්ටෝරියා, ලංකා ඇසුරුම් ආයතනයේ හිටපු සභාපති ජේ.ඩී.සී.පෙරේරා, ඇසුරුම් සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපති ධර්මතිලක රත්නායක, PLC සොලුසන්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක තුෂාන්ත කරුණානායක ඇතුළු පිරිසක් එක්වූහ.