වසර 17ක් සෞදියේ සේවය කළ ලාංකික කාන්තාවක් යළි දිවයිනට

Share

වසර 17ක් සෞදියේ සේවය කළ ලාංකික කාන්තාවක් ලක්ෂ 36ක හිඟ වැටුප් ද සහිතව අද (27) දිවයිනට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

අඹන්පොළ, අටවරළ ප‍්‍රදේශයේ පදිංචි කේ.ජී.කුසුමාවතී වන ඇය 2000.09.23 වන දින ගෘහ සේවිකාවක ලෙස රැකියාව සඳහා සෞදි අරාබියට ගොස් තිබෙන අතර එදින සිට ඇය නාගරික සීමාවෙන් පිටත කාන්තාර ප‍්‍රදේශයක සේවය කර තිබේ.

මුල් වසර 15 ක කාලය එහි එළුවන් හා බැටළුවන් බලාගනිමින් සේවය කර ඇති ඇය මාස කිහිපයකට වතාවක් නිවසට දුරකතනයෙන් අමතා ඇති අතර, වසර එක හමාරක කාලයක් තුළ නිවැසියන්ට කිසිඳු තොරතුරක් ලැබී නොමැත.

ඒ පිළිබඳව ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කොට තිබෙන අතර ඒ අනුව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියගේ මැදිහත්වීමෙන් ද කඩිනමින් ඇයව දිවයිනට එවීමට කටයුතු කරන ලෙස සෞදි තානාපති කාර්යාලයේ කම්කරු නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

 

Read more

Local News