ආණ්ඩුවේ විශාල ප්‍රශ්නයක් ගැන කනක කියයි

Share

ආණ්ඩුවේ විශාලම ප්‍රශ්නය බවට පත්ව ඇත්තේ ඇමති පොරය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ නෙළුම් මාවතේදී අද (03) දින පැවති මාධ්‍ය හමුවකදිය.

පවතින ආණ්ඩුවට ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමේ අවශ්‍යතාවයක් නොමැති බව ඔහු පැවසීය.

ආණ්ඩුවේ විශාලම ප්‍රශ්නය බවට පත්ව ඇත්තේ ඇමති පොරය බවත් මේ වන විට අැමතිකම් වෙනුවෙන් පොරයක් ඇතිව තිබෙන බවත් ඔහු පැවසීය.

පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතාගේ කෙටිකාලීන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කළ මේ කණ්ඩායම අද තමතමන්ගේ අරමුණු ඉටු කර ගැනීමේ පොරයක සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එදා නායකත්වයට සුදුසු නොවන නායකයින් අයින් කළ යුතු බව පවසා අද වන විට එම පිරිස්ම අමාත්‍යධූර ගෙන නිශ්ශබිද සිටින බවත් සටන කල අයට අමාත්‍යධූර ලැබී නොමැති බවත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා යන මහත්වරුන් එක්ව සිටියහ.

Read more

Local News