සභාපතිවරයා ලෙස පත් වූ ෂී ජින් පිං මහතාට අගමැතිගෙන් සුබපැතුම්

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික සම්මේලනයේ දී නැවත වරක් කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස හා හමුදා කමිටුවේ සභාපතිවරයා ලෙස පත් වූ ෂී ජින් පිං මහතා වෙත සිය සුබ පැතුම් පිරිනමමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වයට දිගු ඉතිහාසයක් ඇති බවත් දශක ගණනාවක් පුරා පවතින ද්වීපාර්ශ්වීය ගෞරවය, විශ්වසනීයත්වය සහ අවබෝධතාව දෙරටේ නව සහ ඓතිහාසික මිත්‍රත්වයට ළඟා කර වූ බව එම නිවේදනයේ සඳහන් වේ.

එම සබඳතා තව දුරටත් පුළුල් කිරීමටත් ෂී ජින් පිං මහතා ගේ දෙවැනි ධුර කාලය තුළ දෙරටේම ජනතාවට එහි ප්‍රතිලාභ ළඟා කර දීමටත් බලාපොරොත්තු වන බව අගමැතිවරයා අවධාරණය කරයි. චීනයේ ජනතාව වෙත උණුසුම් සුබ පැතුම් පිරිනමන බව එහි වැඩි දුරටත් සඳහන් වේ.

Read more

Local News