බෞද්ධ ජනතාවට ප්‍රධාන තැන ලබාදීම අපට ප්‍රශ්නයක් නොවේ – පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්

Share

පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පවත්වනු ලබන විවාදයට එක්වෙමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ, බෞද්ධ ජනතාවට ප්‍රධාන තැන ලබාදීම අපට ප්‍රශ්නයක් නොවේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන බොහෝ යෝජනාවලට දෙමළ පක්ෂ එකඟ වී සිටින බවත් යෝජනා සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුවේ සාකච්ඡා කිරීමට ඉඩ සළසා තිබෙන බවයි.

මෙය ඓතිහාසික අවස්ථාවක්. දෙමළ පක්ෂ නියෝජනය කරන පක්ෂ එකඟතාවය පළ කරනවා මේ යෝජනා වලට. දෙමළ පක්ෂ එකඟ වෙනවා මෙහි බොහෝ යෝජනාවලට. ජාතික ප්‍රශ්නය සම්බන්ධයේ එකඟතාවයට එන්න අපහසු වුණත්, අද ඓතිහාසික අවස්ථාවක් එළඹී තිබෙනවා. එකඟතාවයට පැමිණීමේ අරමුණට එන්න මූලික කරුණු සාකච්ඡාවට සූදානම්. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම කියන ප්‍රශ්නය ගත් විට රටේ විවිධ මත පළ කරනවා. මෙය මැතිවරණ අවස්ථාවේ ලබාදුන් පොරොන්දුවක්.

අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නීතිවිරෝධී කීම කිසිම අර්ථයක් නෑ. සියලු පුරවැසියන්ට සමාන අවස්ථාව ලබාදිය යුතුයි. පුරවැසියන්ට සියලු දෙනාට සමනව සළකන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද කියන එක තේරුම් ගන්න ඕන.බෞද්ධ ජනතාවට ප්‍රධාන තැන ලබාදීම අපට ප්‍රශ්නයක් නොවේ. එය අවශ්‍ය නම් එය ලබාදෙන්න සූදානම් යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ ය.

Read more

Local News