ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ මීරිගම – දිවුලපිටිය මාර්ගයේ 20 කණුව ප්‍රදේශයේ දී මෙම රිය අනතුර සිදුවු බවයි.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී 41 හැවිරිදි පසුපැදිකාරිය මියගොස් තිබේ.
අනතුරට සම්බන්ධ ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මීරිගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.