අද(22) අළුයම වේයන්ගොඩ කීනවල දුම්රිය ස්ථානය අසල පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක උඩුමහලේ ගින්නක් හටගෙන තිබෙන බවට වාර්තා වෙයි.
ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් ගින්න මැඩපවත්වා ඇති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.
සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බවටයි වාර්තා වන්නේ.