මාවනැල්ල නගරයේ වෙළඳසැල් කිහිපයක අද(26) අළුයම ගින්නක් හට ගෙන තිබෙන බවට වාර්තා වෙයි.
පොලීසිය පැවසුවේ, මාවැනැල්ල නගරයේ පිහිටි තාවකාලික වෙළඳසැල් කිහිපයක මෙම ගින්න හට ගත් බවයි.
මාවනැල්ල පොලීසිය, ප්‍රාදේශීය ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩ පවත්වා තිබෙන අතර ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති බවටයි වාර්තා වන්නේ.
සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර මේ සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.