ඇමැති ෆයිසර් මුස්තාපා පළාත් පාලන සංශෝධන පනත් ගැසට් පත්‍රයට අත්සන් තබයි

Share

පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා විසින් පළාත් පාලන සංශෝධන පනත යටතේ ඒ ඒ පළාත් පාලන ආයතනවලට පත් කරනු ලැබිය යුතු මන්ත්‍රීන් සංඛ්‍යාව නිශ්චය කෙරෙන ගැසට් නිවේදනයට අද (01) අත්සන් තැබීය.
මෙම ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලයට හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත කඩිනමින් යවන බවද ගැසට් නිවේදනය අත්සන් තැබීමෙන් පසු සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසීය.
දේශපාලන පක්ෂවලින් ලැබුණු ඉල්ලීම් අනුව නුවරඑළිය ප්‍රාදේශීය සභාව, නුවරඑළිය, කොටගල හා ආගරපතන යනුවෙන් ප්‍රාදේශීය සභා 03කට වෙන් කෙරෙන අතර අඹගමුව ප්‍රාදේශීය සභාව අඹගමුව, මස්කෙළිය හා නෝර්වුඩ් වශයෙන් ප්‍රාදේශීය සභා 03කට වෙන් කෙරෙන බවද මෙහිදී සඳහන් කළ අමාත්‍යවරයා මේ සඳහා කැබිනට් මණ්ඩල අනුමැති තමා විසින් ලබාගත් බවද කීය.

Read more

Local News