නාලකලාගේ නඩු අහන්න දින තීන්දු වෙයි

Share

ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමට අයත් රුපියල් මිලියන පහක මුදලක් තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ කටයුතු සඳහා ලබාදීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් එම කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව මාර්තු මස 11 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර් .ගුරුසිංහ මහතා ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතයි.

අනතුරුව නඩුව මාර්තු මස 11 වන දා විභාගයට ගැනීමට නියම කළ විනිසුරුවරයා එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස සාක්ෂිකරුවන්ට  අවවාද කර කළේය.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන අධි චෝදනා පත්‍රයේ සඳහන් වන්නේ විනිමය හා සුරැකුම් කොමිසමට අයත් රුපියල් මිලියන පහක මුදලක් විත්තිකරුවන් විසින් තාරුණ්‍යට හෙටක් සංවිධානය වෙත ලබාදීම තුළින් පොදු දේපල පනත යටතේ වරදක් සිදුකර ඇති බවයි.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ධම්මික පෙරේරා සහ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ රොනී ඊබ්‍රහිම් යන අය නම් කර තිබේ.

Read more

Local News