අද සිට සීගිරියට පොලිතීන් තහනම්

Share

සීගිරිය දිය අඟල ඇතුළත කලාපය අද (01) වනදා සිට පොලිතීන් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට නම් කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබේ.

නිවාස, ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන අැත.

ඒ අනුව අද සිට එම ප්‍රදේශයට පිසින ලද ආහාර වර්ග, කෙටි ආහාර වර්ග රැගෙනයාම දෙස් විදෙස් සංචාරකයින්ට තහනම් වෙයි.

එම ආහාර ද්‍රව්‍ය රැගෙනයාමට අවසර ලබා දෙන්නේ පිටතින් ඇති පොලිතීන් ආවරණය ඉවත් කිරිමෙන් පසුව බව ද සඳහන් වෙයි.

Read more

Local News