තැන් දෙකක දී මත්ද්‍රව්‍ය සමඟ 3ක් දැලේ

Share

පානදුර උතුර සහ කැළණිය යන ප්‍රදේශවලදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ තරුණියක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

පානදුර උතුර ප්‍රදේශයේ පරත්ත හංදිය ප්‍රළදේශයේදී හෙරොයින් ග්‍රෑම් 08කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

මේ අතර කැළණිය ප්‍රදේශයේදී තරුණියක් හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 900 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලි ග්‍රෑම් 710ක් පොලීසිය භාරයට ගෙන ඇත.

සැකකාරිය සහ සැකකරුවන් මහර සහ පානදුර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News