71 වන ජාතික දින සැමරුමේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිහ් මහතා ඇතුලු දූත පිරිස මෙරට රාජ්‍ය සංචාරය නිමාකරමින් ඊයේ(05) රාත්‍රීයේ යළි මාලදිවයින බලා පිටත්ව ගියේය.
මේ අතර මාලදිවයින් ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඊයේ(05) පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණේය.
තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපතිවරයාගේ ආරාධනය මත මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පසුගිය ඉරිදා දිවයිනට පැමිණියේය.