Home දේශීය පුවත් දොම්පේ වෙඩි තැබීමක්

දොම්පේ වෙඩි තැබීමක්

0
දොම්පේ වෙඩි තැබීමක්

දොම්පේ වනලුවාව උතුර ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් අඹුසැමි යුවලක් තුවාල ලබා තිබෙන බවට වාර්තා වෙයි.

බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා දොම්පේ රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලබා ඇත්තේ 23 හැවිරිදි වානලුවාව ප්‍රදේශයේම පදිංචි යුවලක් බව සඳහන් වෙයි.

වෙඩි තැබීම සිදු කළ සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිම සඳහා දොම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here