වත්මන් ආණ්ඩුවට රට සංවර්ධනය කිරීමේ සැලැසුමක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
ආණ්ඩුවට රට ගැන සැලැස්මක් අතීතයේ නොතිබුන බවත් වර්තමානයේදී හෝ අනාගතයේදීත් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.
වසර 71ක් තුළ රටේ ජනතාවට ලැබී ඇති නිදහස කුමක්දැයි විමසා සිටිමින් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ ජනතාවට ලැබී ඇත්තේ බඩගින්නේ නිදහස බවත්, රස්සාවක් නොකර සිටීමේ නිදහසත්, පීඩාවට පත්වීමේ නිදහස සහ දුක්විඳීමේ නිදහසද බවයි.