ඩුබායි සිට නීතිවිරෝධී ලෙස විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.
මෙම පුද්ගලයා අද(12) උදෑසන ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.
ඔහු විසින් ගෙන ආ ගමන් මලු තුළ රුපියල් දහසය ලක්ෂ විසි අට දහසක් වටිනා, මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 29,600 ක් අඩංගු, දුම්වැටි කාටූන් 148 සඟවා ගෙන සිටි බවට වාර්තා වෙයි.