වව්නියාව, නෙඩුන්කේනි, මුදිරම්පිට්ටි ප්‍රදේශයේ ළිඳක තිබි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් සොයාගත් බව නෙඩුන්කේනි පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ, නිවසේ දෙමාපියන් නොමැති අවස්ථාවක සිය සහෝදරයා සමඟ ළිඳ බැලීමට ගිය අවස්ථාවේ දරුවා ළිඳට වැටී ඇති බවයි.
පොලීසිය සඳහන් කළේ, දරුවා ළිඳෙන් ගොඩගෙන නෙඩුන්කේනි රෝහලට ඇතුළත් කොට තිබු නමුත් අදාළ අවස්ථාව වනවිට දරුවා ජිවිතක්ෂයට පත්ව සිටි බවයි.
වව්නියාව නෙඩුන්කේනි මහා විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය දරුවෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ.
නෙඩුන්කේනි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.