Home දේශීය පුවත් ටිපර්-ත්‍රීරෝද රථ අනතුරකින් 2ක් මරුට

ටිපර්-ත්‍රීරෝද රථ අනතුරකින් 2ක් මරුට

0
ටිපර්-ත්‍රීරෝද රථ අනතුරකින් 2ක් මරුට

නාවලපිටිය – මහනුවර මාර්ගයේ පොත්තුනුපිටිය ප්‍රදේශයේදී අද(19) අලුයම 2.30 ට පමණ ටිපර් රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ වැදී අනතුරක් සිදු වී තිබේ.

මෙම අනතුරින් පුද්ගලයක් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි නාවලපිටිය පොලීසිය පවසයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ කුරුඳුවත්ත, මීතලාව ප්‍රදේශයේ පදිංචි තිලකසිරිගේ අමල් ගුණරත්ත(38) සහ ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි එස්. අයි. ගලප්පත්ති(31) යන අයයි.

ගිනිගත්හේන සිට ගම්පොල ප්‍රදේශයට ධාවනය වු ටිපර් ලොරි රථයක් හා ගම්පොල ප්‍රදේශයේ සිට ගිනිගත්හේන ප්‍රදේශයට ධාවනය වු ත්‍රී රෝද රථයක් මෙසේ මුහුණට මුහුණ වැදී ඇති බවත් ත්‍රී රෝද රථය වැරදි මංන්තීරුවේ යෑමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සිදු කරන ලද මුලික පරික්ෂණවලදි අනාවරණය වී තිබේ.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට යවා තිබේ.

ටිපර් රථයේ රියදුරා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ අද දින නාවලපිටිය මුලික රෝහලේදී සිදු කිරීමට නියමිතය.

මෙම අනතුර සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here