සමූහ මිණි වලේ ඇමරිකානු වාර්තාව අධිකරණයට

Share

මන්නාරම් සමූහ මිණීවලෙන් හමු වූ මිනිස් සිරුරු වලින් ලබාගත් සාම්පල වල ඇමරිකානු රසායනාගාර කාබන් වාර්තාව අද (20) දින මන්නාරම් මහේස්ත්‍රාත් වරයා වෙතට භාර දුන් බවට සමූහ මිණීවලේ කැනීම් පිළිබඳව භාරව සිටින විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ පැවසීය.

ඇමරිකාවේ ෆොරීඩාහි පිහිටි රසායනාගාරය මගින් මන්නාරම් මිණීව‍ලෙන් හමු වූ සිරුරු වල කාල නිර්ණය පිළිබඳව ලබාගත් සාම්පල 6න් 5 ක වාර්තාව පසුගිය 16 වනදා විද්‍යුත් තැපෑල මගින් යොමු කර තිබූ අතර එම වාර්තාවේ ඡායා පිටපත් ලබාගෙන වාර්තාව සකසා අද (20) දින මෙසේ මන්නාරම් අධිකරණයට භාර දීමට පියවර ගෙන තිබුණි.

ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කොට සිටි විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ,

‘‘අද උදෑසනම මාගේ ප්‍රධානත්වයෙන් ඇමරිකාවේ රසායනාගාරයෙන් එවන ලද කාබන් වාර්තාව මන්නාරම් මහේස්ත්‍රාත් ටී.සර්වණරාජා මහතා වෙතට භාරදීමට පියවර ගත්තා .එම වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් දැනුම් දීම ඉදිරියේදී අධිකරණය මගින් ගන්නා තීරණයකට අනුව සිදු වෙනවා. එම වාර්තාවේ අඩංගු කරුණු හෙළි කිරීමද අධිකරණය මගින් ගන්නා තීරණයන්ට අනුව ඉදිරියේදී දැනගැනීමට හැකිවෙයි.”

Read more

Local News