නව වෙනිදා වනවිට තෙල් ප්‍රශ්නය විසඳෙනවා, හෙට රාත්‍රියේ තෙල් රැගත් ඉන්ධන නැවක් ලංකාවට

Share

ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ඉන්ධන බෙදා හැරීමේ තත්ත්වය නොවැම්බර් 09 දින යථා තත්ත්වයට පත්වෙන බවත්   හෙට (8) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

ඉන්ධන අර්බුධය සම්බන්ධයේ ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ කළ ප්‍රකාශවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසී ය. ආර්ථිකය හා ජනතාව බරතල අර්බුදයකට පත්ව ඇති බවත් ජනජීවිතය අඩාල වී ඇතැයි ද මන්ත්‍රීවරයා සිය ප්‍රකාශය කරමින් පැවසී ය.

ඩීසල්වල කිසිම අඩුවක් නෑ. පෙට්‍රල් අඩුවක් පමණයි තියෙන්නේ. සමහර සෙඩ් වහල තියෙනවා. ත්‍රී රෝද හා බයිසිකල්වලට බලපාලා වැඩියි. ස්පොට් ටෙන්ඩර් නොවේ සාමාන්‍ය ක්‍රමවේදයට ගෙනා තෙල්. නැව පරීක්ෂණ දෙකක් කර ප්‍රතික්ෂේප වූ නිසා බාරගත්තේ නෑ. පසුගිය කාලේ සුදුසු නැති තෙල් නිසා වන්දි ගෙවන්න වුණා. අපිට එන්න තිබූ නැව 2 සහ 03 අතර. අවාසනවකට දවස් හතර ප්‍රමාණයක් ප්‍රමාද වෙලා. හෙට (8) රැ වෙලා කොළබට ළඟා වෙනවා. නව වෙනිදා වනවිට තෙල් ප්‍රශ්නය විසඳෙනවා. විශේෂ කණ්ඩායමක් දමා පරික්ෂා කරන්න අවශ්‍යයි.

අපේ පිරිපහදුව නවතිනවා. කොම්පියුටර් නවතිනවා. මේවා සාමාන්‍ය සිදු වූ දේවල් නොවේ. පෙට්‍රල් තැම්පත් කරන්න පුළුවන් මෙ.ටොන් 90,000යි. නමුත් සාමාන්‍යයෙන් 40,000යි ගෙන්නේ. ක්‍රමවේදය තමයි කළේ. මෙය ස්පොට් ටෙන්ඩර් කරනවා කියලා පෙන්වන්න හදනවා. තෙල් මාෆියාව එකම ආයතන දිගටම යෙදී තිබෙනවා. මාෆියාව නවත්වන්න සාකච්ඡා කරනවා. අදවනවිට දිනකට තෙල් මෙ.ටොන් 2500ක් අවශ්‍යයි. ඉරිදා මෙ.ටොන් 963, අද මෙක් ටොන් 3000ක් බෙදා හරිනවා. කැළබීමකට පත් වුණා. එස්.එම්.එස් පණිවුඩ හරහා රට කැළඹුණා. මෙ.ටොන් 4700ක ඉල්ලීමක් තිබෙනවා. හෙට රාත්‍රි 9.00ට විතර නැව එන්නට තිබෙනවා. ලබන 9 වෙනිදා සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා . කිසිම නරකක් රටට වෙන්න දෙන්නේ නෑ, බාල තෙල් එළියට දාන්න දෙන්නේ නෑ. පරීක්ෂණයක් කරලා සිදුව තිබෙන වරද හොයනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News