”ලංකා රාජ්‍ය ජාලය” එළිදැක්වීමේ උත්සවය අද

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ”ලංකා රාජ්‍ය ජාලය” (Lanka Government Network) එළිදැක්වීමේ උත්සවය අද (07) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
මේ යටතේ රාජ්‍ය ආයතන 500 කට වැඩි සංඛ්‍යාවක් ජාල ගත කිරීම සිදු කෙරුණි.
එම අවස්ථාවට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති ​ පී. ජී. කුමාරසිංහ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
Previous articleක්ෂය රෝගය තුරන් කිරිමේ සමුලුවක් – රුසියාවේ මොස්කව් හීදි
Next articleඅඟහරු ග්‍රහයා මත ජීවත් වූ බව කියන දරුවෙකු හමුවෙයි