ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් අඩු මිලට සතොසෙන්

Share

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ පසුගිය සතියේදී ඉන්දියාවෙන් ආනයනය කළ රුපියල් කෝටි 136 ක වටිනාකමක් ඇති නාඩු සහල් මෙට්‍රික් ටොන් විසි දහසක් මේ වන විට ලංකා සතොස සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි.

එළඹෙන දෙසැම්බර් මාසය ආරම්භ වන විට තවත් නාඩු සහල් මෙට්‍රික් ටොන් පනස් දහසක්ද , සම්බා සහල්  මෙට්‍රික් ටොන් තිස් දහසක්ද , සුදු කැකුළු මෙට්‍රික් ටොන් පනස් දහසක් ද ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කරන බවත් වෙළෙඳ පොළේ කිසිදු සහල් හිගයක් ඇති වීමට ඉඩ කඩක නොමැති බවද ඇමැතිවරයා පැවසීය.

දේශීය සහල් මිල ඉහළ මට්ටමක පැවතියද උසස් තත්ත්වයේ ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රු. 65 කටද නාඩු සහල් කිලෝවක් රු. 74කටද, සම්බා සහල් කිලෝවක් රු. 78 කට ද ලංකා සතොස අලෙවි කරන බවත් ඇමැතිවරයා කියා සිටි.

ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ සහල් මිල ඉහළ මට්ටමක පවතින බවට මතයක් පැවතියද එසේ ඉහළ මිලක් පවතින්නේ දේශිය සහල් වල පමණක් බවත් උසස් තත්ත්වයේ ආනයනික සහල් ඉහත මිල ගණන්වලට ලංකා සතොස හා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මගින් මිලදී ගත හැකි බවයි.

Read more

Local News