ට්‍රම්ප් යුද මුක්ත කලාපයේ සංචාරය අවලංගු කරයි

අැමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යුද මුක්ත කලාපයේ සිදු කිරීමට නියමිතව තිබූ සංචාරය අධික මීදුම් සහිත කාලගුණික තත්වය හේතුවෙන් අවලංගු කර තිබේ. යුධ මුක්ත කලාපය ආශ්‍රිතව අයහපත් කාලගුණික තත්වයක් පවතින බව මාධ්‍ය වාර්තා කර ඇත.

ආසියානු රටවල සංචාරය අතරතුරදී න්‍යෂ්ටික අර්බුදය විසඳා ගැනීමට සාකච්ජාවකට පැමිණෙන්නැයි, අමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියාවට ආරාධනා කර සිටියේය.