දුම්රිය වර්ජනය අත්හිටුවයි

Share

අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 48ක දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා හා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක අතර පැවැති සාකච්ඡාවකින් පසුව ඔවුන් වර්ජනය අවසන් කර තිබේ.

වැටුප් විෂමතා ගැටළුවක් මුල්කර ගනිමින් දුම්රිය නියාමකවරුන්ගේ සංගමය, දුම්රිය රියදුරන්ගේ සංගමය සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබුණි.

Read more

Local News