අයවැය තෙවැනි වර කියවීමේ හය වැනි දිනය අද

Share

2019 අයවැය තෙවැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ හය වැනි දිනය අදයි.

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර නගර සංවර්ධන යන අමාත්‍යංශ සහ තවත් කැබිනට් නොවන අමාත්‍යංශ දෙකකට අදාල වැය ශීර්ෂ අද විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතයි.

විවාදය ආරම්භ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පුල්මුඩේ ඛනිජවැලි නිධිය පෞද්ගලීකරණය කිරීමේ සුදානමක් ඇත්දැයි ප්‍රශ්න කර තිබේ.

එසේ සිදු වන්නේ නම්,එය ජාතික අපරාධපයක බව ද පැවසු මන්ත්‍රීවරයා,විද්‍යා හා පර්යේෂණ පිළිබඳ අදහස් දැක්වමින් කියා සිටියේ, විද්‍යාත්මක පදනම මත පිහිටා ප්‍රතිපත්ති සකස් කිරීමට කටයුතු කළ යුතු බවයි.

අනතුරුව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, විවාදයට එක්ව තිබේ.

විවාදය අද පස්වරු 7 දක්වා පැවැත් වෙයි.

Read more

Local News