මත්පෙති 544ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Share

පොලිස් විශේෂකාර්ය බලකා සර්ධාපුර කදවුරේ නිලධාරින් විසින් මත්පෙති බවට සැකකරණ ඹෞෂධ පෙති තොගයක් සැකකරුවෙකු යතුරු පැදියක් සමග ඊයේ (08) ත්‍රිකුණාමලය නගරයේදි අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.

සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ මත්පෙති 544ක් තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පවසයි. එම බලකායටලද තොරතුරක් අනුව මෙම වැටලිම සිදුකරණු ලැබ තිබේ.

සැකකරු අද(09) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

 

 

Read more

Local News