මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ජනපති

Share

මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ඊයේ (09) පෙරවරුවේ එක්වු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ, වත්මන් රජය සිය රාජ්‍ය ප‍්‍රතිපත්තිය තුළ රටේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ප‍්‍රමුඛත්වයක් ලබාදී තිබෙන අතර පසුගිය වසර කිහිපය තුළ මෙන්ම මේ වසරේ අය වැයෙන් ද අධ්‍යාපනය වෙනුවෙන් වැඩි මුදලක් වෙන්කර තිබෙන බවයි.

ජාතියේ අනාගතය සඳහා වැදගත්වන්නේ රට තුළ උගතුන් සහ බුද්ධිමතුන් වැඩි වැඩියෙන් බිහිවීම බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා අධ්‍යාපනය තුළ කිසිවිටෙකත් අඩුපාඩු නොතිබිය යුතු අතර, ඒ සඳහා සියලු සම්පත් ලබාදීම අත්‍යාවශ්‍ය බව ද අවධාරණය කළේය.

විශිෂ්ටතා දැක්වූ දැරියන්ට ත්‍යාග ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර, ගුරු භවතුන් ද ඇගයීමට ලක්කෙරිණි.

Read more

Local News